Song 9 ( සැන්දෑ කලුවර ගලා හැලෙන විට... )

සැන්දෑ කලුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුනු නිවස සොයා එමි
ඔබේ සිනා සද මඩල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි
සැන්දෑ කලුවර ගලා......

කුරුලු කැදැල්ලක උණුසුම කැටිවුන
අමා සුවය දෙන අතු පැල හෙවනේ
අසරණ වූ දා මට ඔබ පමණයි
මදකට හෝ සැනසුම ගෙන දෙන්නේ

සැන්දෑ කලුවර ගලා හැලෙන විට...
සැන්දෑ කලුවර ගලා......

පිබිදෙන ලොව හා තරග කරන්නට
හෙට අලුයම යලි පිටවිය යුතුවේ
ඔබෙන් දුරව සිටිනා හැම මොහොතෙම
ඔබේ හදට වැඩියෙන් තව ළං වේ

සැන්දෑ කලුවර ගලා හැලෙන විට...
සැන්දෑ කලුවර ගලා......

ගායනය: සංගීත් නිපුන් සනත් නන්දසිරි

Image results :



Watch video :


Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )