Software 18 ( MP3 වලට tag දාන හැටි...)

ඔයාලා කඩෙන් එම්පිත්‍රී ගෙනැල්ලා මැෂින් එකෙන් ප්ලේ කරනකොට ප්ලේයර් එකේ කඩේ විස්තර දාපු ඉමේජ් එකක් පේනවා දැකලා ඇති නේ. මම අද කියලා දෙන්න යන්නේ එතනට අපිට ඕන ඉමේජ් එකක් දානහැටි..
මේකට පොඩි සොෆ්ට්වෙයා එකක් ඕන වෙනවා. ඒකේ නම Mp3tag. අපි දැන් වැඩේට බහිමු. ආ.. කියන්න බැරිඋනා මේ සොෆ්ට් එකෙන් ඉමේජ් විතරක් නෙවෙයි Title: Artist: album: Year: Comment: මේවත් දාගන්න පුලුවන්.


ඉස්සරවෙලාම සොෆ්ට්වෙයා එක බාගන්න එපැයේ. පහල තියෙන ඩවුන්ලෝඩ් බටන් එකෙන් ඒක ගන්නකො.

Download Here : 2.77mb


සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරලා ඔපන් කර ගන්න. ඊට පස්සේ අපි ට ඕන සිංදු ටික දාගන්න ඕනි. ඕකට ඇදල දැම්මත් හරි. නැත්නම් File====>>Add Directory... ෆෝල්ඩර් එක සිලෙක්ට් කරන්න.දැන් සිංදු ටික සේරම සිලෙක්ට් කරලා Remove tag කරන්න.
ඊට පස්සේ වම් පැත්තේ තියෙන කොටුව රයිට් ක්ලික් කරලා ඇඩ් කවර් ක්ලික් කරලා ඕනි ඉමේජ් එක බ්‍රවුස් කරලා ඕපන් දෙන්න. දැන් එතනට ඔයා දාපු ඉමේජ් එක එයි. ඊට පස්සේ Extract cover දෙන්න එතකොට එන සේව් ඈස් එකේ නම වෙනස් කරන්න එපා. එහෙම්මම සේව් කරන්න. ඊට පස්සේ සේව් කරන්න. දැන් බලන්න සිංදුවක් ඔපන් කරලා.
මේවගේ නේද කියලා
Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )