ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිද මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිනි කදුලක් මල්පෙති අග තවරා
මිහිදුම් සලුවෙන් මුහුණ වසා
නිල්ල නිදන නිල් කදුවැටි අතරේ
සද එළියේ මං පෙත පාදා
රහසක් සගවා ගොලු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා.............
ඇය යන්න ගියා මැකිලා.......
පිනි කදුලක් මල්පෙති අග...........
යළි කවදාවත් හමු නොවනා බව
මද පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
යන්න ගියා මැකිලා
වන සිරසක...........
ඇය යන්න ගියා මැකිලා
පිණි කදුලක් .............
|
ගායනය- අමරසිරි පීරිස් |
ගීතයේ වීඩියෝව නරඹන්න. |
|