News 3 ( Wikipedia කතාව )


අපිට නොදන්න දේවල් ගැන විස්තරාත්මකව කියා දීමට Wikipedia හැකි උපරිම උත්සාහය ගත්තේය. මෙහි විශේෂම කාරණය වන්නේ , මොවුන් ලොව ලාභ නොලබන විශාලතම ආයතනය වීමය. මොවුන්ගේ වෙබ් අඩවි වල ඇඩ් දක්නට නොලැබේ. නොමිලේ දෙනවානම් මිනිසුන්ට දිය යුත්තේ වැඩකට ඇති දේවල් යැයි ලොවට ප්‍රකාෂ කල 2වන ආයතනය මෙයයි. පළමු ආයතනය වන්නේ Google සමාගමයි. ඔවුන් Google search එන්ජිමේ සිට Android-os එක දක්වා , තවත් බොහෝ නිර්මාණ ලෝකයාට නොමිලේ ලබා දුන්නේය.


විකිපීඩියාවේ ඉතිහාසය පිළිබඳ ඔවුන්ගේ කතාව.

විකිපීඩියාවේ ආරම්භය 2001 ජනවාරි 15දීන සිදු විය. විකිපීඩියා යනු ඕනෑම කෙනෙකුට සංස්කරණය කල හැකි සබැඳි විශ්වකෝෂයකි. විශේෂඥයින් විසින්-රචිත, හ‍ා ඉංග්‍රීසි -භාෂාව පමණක් භාවිත කල, 'න්‍යූපීඩියා' නම් වූ විශ්වකෝෂ ව්‍යාපෘතිය සඳහා සහය වනු වස් හා එයට උපකාරී විය හැකි කෙටුම්පත් ලිපි හා ලිපි අදහස් ආදිය සපයන අමතර මූලයක් ලෙස පවතින, 'සැපයුම් මගක්'ලෙස භාවිතය, මෙහි ප්‍රාරම්භක අභිලාෂය විය. මෙය ඉතා කෙටි කලකින් න්‍යූපීඩියාව අභිබවා යෑමට සමත් වී, පුළුල් පරාසයක් තුල රැඳුනු අමතර සමුද්දේශ ව්‍යාපෘති සමූහයකට මුල පුරමින්, විසල් ගෝලීය ව්‍යාපෘතියක් බවට පත් විය. 2008 වන විට, විකිපීඩියාව, මිලියන ගණනක් රචකයන්ගේ නැණ පහසින් ඔප් නැංවුනු, ලෝක ව්‍යාප්ත භාෂා සිය ගණනකින් රචිත, නිදහසේ-භාවිත කල හැකි ලිපි මිලියන ගණනක සාඩම්බර හිමිකරු වී ඇත. එය ලොව ඉතා ජනප්‍රිය වෙබ් අඩවියක් හා ලොවපුරා අතිශයින් ප්‍රචලිත ආශ්‍රිත මූලයක් වේ.

ජිමී වේල්ස් විසින් විකිපීඩියාවට මග පෑදූ න්‍යුපීඩියාව ආරම්භ කරන ලදි.ලැරී සැංගර්, න්‍යූපීඩියාවේ හිටපු ප්‍රධාන-කතෘ වූ මොහු විකිපීඩියාව පිළිබඳ මූලික අදහස ඉදිරිපත් කොට එහි අතිශය වැදගත් ප්‍රතිපත්තීන් ස්ථාපනය කළේය.



මෙතනින් යන්න විකිපීඩියාවට.
Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )