Html lesson 3 ( පින්තූරයක් ඇතුලත් කිරම.. )


ගිය සතියේ පාඩමෙන් අපි html තුලදී මාතෟකාවක් ඇතුලත් කර එය යටතේ ඡේදයක් ඇතුලත් කරන හැටි කතා කළා. මේ සතියෙ කතා කරන්න යන්නෙ පින්තූරයක් ඇතුලත් කිරීම හා ඒ අවට ක්‍රියාකාරකම් ටිකක්. මේ පාඩම් මාලාව ටිකක් හිතට අරන් කරන්න වෙනව , නැත්තන් අල්ල ගන්න බැරි වෙනව. පිළිවෙලකට කරගත්තොත් තමයි හොඳ. නැත්තන් ඉතින් පිස්සු වගේ ඈ.


හොඳයි අපි බලමු පින්තූරයක් ඇතුලත් කරගන්න ආකාරය.



1. මුලින්ම ඩෙස්ක්ටොප් එක තුල අලුත් ෆෝල්ඩරයක් නිර්මාණය කරගන්න.


2. ඉන්පසු නෝට්පෑඩ් එක විවෟත කරගන්න. ( Start ==> All-Programmes ==> Accessories ==> notepad )


3. අප නිර්මාණය කරගත් අලුත් ෆෝල්ඩර් එක තුල ඉමේජස් නමින් අලුත් ෆෝල්ඩරයක් නිර්මාණය කරගන්න. (පින්තූරය තිබිය යුතුයි කියා විශේෂ ස්ථානයක් නොමැත.)


4. එම ෆෝල්ඩරය තුලට අවශ්‍ය පින්තූර ටික කොපි කරගන්න. (පින්තූරය තිබිය යුතුයි කියා විශේෂ ස්ථානයක් නොමැත.)

5. පිතූරයක් ඇතුලත් කරන ආකාරය පහත දැක්වේ.


6. එහි වෙබ් බ්‍රවුසරයේ පෙනෙන ආකාරය පහත දැක්වේ.


7. පින්තූරයක් මැදට , වමට , දකුනට ගන්නේ කෙසේද?
මෙය කරනු ලබන්නේ img හා src යන්න අතරමැද align=center (මැදට), align=left (වමට), align=right (දකුණට) යන ඒවා ඇතුලත් කිරීමෙන්ය. මෙය ඔබ විසින්ම කර බැලීම සුදුසුය.

8. පින්තූරයක ප්‍රමාණය html තුලදී කේත මගින් වෙනස් කල හැක.
එය කිරීමට img හා src යන්න අතරමැද width=100px (දිග) , height=100px (පළළ) මේවා තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න.
Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )