ඔබ සමහරක් විට HTML පිළිබඳව දන්නවා විය හැකිය. HTML යන්නෙහි ඉංග්රීසි අරුත වන්නේ "Hyper text Marcup Language" යන්නයි. මෙම භාෂාව සොයාගනු ලැබුවේ මීට වසර 22ට ඉහතදීය. ඒ ටීම් බර්නස් ලී විසිණි.
අදින් ඇරඹෙන HTML පාඩම් මාලාව අපට හා ඔබට පහසුවන පරිදි පියවරෙන් පියවර ලබාදීමට බලාපොරොත්තු වේ.
සමහර වෙබ් අඩවි විසින් HTML පාඩම් මාලා පටන්ගෙන අතරමග නවතා දමයි. එම නිසා ඔබද අප පාඩම් මාලාව පිලිබඳව
එසේ සිතීමට ඉඩ ඇත. අපට හැකි උපරිම ඉක්මණින් පාඩම් මාලාව අවසන් කරන බවට පොරොන්දු වෙමු.
ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු. (අපේ පළමු පාඩම.)
Html පිටු නිර්මාණය කිරීමට ඉතා දැවැන්ත මෟදුකාංග පවා නිර්මාණය කර තිබේ. (උදා -: Adobe dream-viewer).
එහෙත් Html නිර්මාණ වලට ඇතිතරම් ප්රමාණවත් මෟදුකාංගයක් Windows සතුව තිබේ. එය Notepad ය.
Notepad ආරම්භ කරගැනීමට Start => All programmes ==> Accessories ==> Notepad හරහා යන්න.
නැතිනම් Start හි Notepad යනුවෙන් සර්ච් කරන්න.
Html වලදී දත්ත හා තොරතුරු ඇතුලත් කිරීමට Tag යොදාගනී. එම Tag වෙබ් බ්රවුසරයේදී පෙන්නුම් නොකෙරේ.
පහත දැක්වෙන්නේ පිටුවක් ආරම්භ ක්රීම හා අවසන් කිරීමයි.
පිටුවේ පළවිය යුතු විස්තරය ඇතුලත් කරනු ලබන්නේ Body tag එක හරහාය. එය පිටුව ආරම්භ හා අවසන් කරන Html tag අතරමැද ඇතුලත් කරනු ලබයි. එය පහත ආකාරයට දැක්විය හැකිය.
මුලින්ම අපගේ නම ඇතුලත් කර එය Web browser යේ දිස්වන ආකාරය බලමු.
සේව් කරන විට පහත ආකාරයට සේව් කරන්න.
Html lesson 1 (හැඳින්වීම හා ආරම්භය. )
Subscribe to:
Posts (Atom)