Help 8 (Software autorun කරන හැටි...)

ඔන්න අද මම කියලා දෙන්නේ Software atou run කරන හැටි.ඒකිව්වේ වෛරස් වගේ ඒවා නෙවෙයි. ඔය උඩ Screen shot එකේ වගේ සීඩී එකක් රොම් එකට දැම්මම ඔය වගේ එකක් එනවානේ. වැඩිදෙයක් නෑ වින්ඩෝස් සීඩී එක දැම්මම එන්නේ . මම දැන් කියලා දෙන්ඩ යන්නේ අන්න ඒක අපි කැමති සොෆ්ට්වෙයාර් එකකට නැත්නම් ඔයාලම හදපු සොෆ්වෙයාර් එකකට දාන හැටි.


දැන් අපි වැඩේට බහිමු.

අවශ්‍ය මෘදුකාංග :

  1. DAEMON Tools or other iso maker software
  2. Pixillion Image Converter or icon maker(මේවා ගූගල් එකේ සර්ච් කර පහසුවෙන් ලබාගත හැකිය.)
  3. Auto run කිරීමට බලාපොරොත්තුවන මෘදුකාංගය

මේක කරන්න ප්‍රෝගෑමිං කරන්න අවශ්‍ය නෑ. සරල දෙයක් කරන්න තියෙන්නේ. නෝට්පෑඩ් එක භාවිතා කරලා තමයි කරන්නේ. තව එකක් යොදන රූපය ico ආකරයෙන් පැවතිය යුතුය. පළමුවෙන්ම Pixillion Image Converter or icon maker යන මෘදුකාංගයකින් එකක් භාවිතයෙන් රොම් එකේ පෙන්වීමට අවශ්‍ය අයිකන් එක නිර්මාණය කලයුතුය. මම ඒ සදහා භාවිතා කරන්නේ Pixillion Image Converter මෘදුකාංගය. එය ඔබ සතුව නොමැතිනම් මෙතනින් බාගන්න. දැන් Pixillion Image Converter මෘදුකාංගය විවෘත කර Add File(s) Click කර අදාල රූපය ලබාගන්න. දැන් Output Format: වලින් ICO තෝරා Convert කරන්න. Output Folder: එකෙන් ico බවට පත්වුන රූපය ඔබට පහසු තැනකට කොපිකරන්න. ඔන්න දැන් අයිකන් එක හදලා ඉවරයි. දැන් ඔබ ඔටෝ රන් කිරීමට බලාපොරොත්තු වන මෘදුකාංගයයි අපි කලින් හදපු අයිකන් එකයි ඩෙස්ටොප් එකේ අලුත් ෆෝල්ඩර් එකක් තනා එයට කොපිකරගන්න. දැන් එම ෆෝල්ඩර් එක තුල රයිට් ක්ලික් කර නිව් හරහා Text Document එකක් විවෘත කර එය තුල පහත කේතය ලිවිය යුතුය. [autorun] open=Setup.exe Icon=xxx.ico

මෙහි open=Setup.exe යන්නෙහි Setup.exe යනු Setup එකට ලබාදී ඇති නමයි. Icon=xxx.ico හි xxx.ico යනු අයිකන් එකේ නමයි. මෙයට ඔබේ අයිකන් එකේ නම ආදේශ කළ යුතුය. තවද මෙම අයිකන් එක ෆෝල්ඩර් තුල නොරදවා පිටතින් තැබියයුතුය. එනම් අපි සීඩී එකක් ඕපන් කලවිට පෙනෙන්නට ඇති අයිකන් එක සෙටප් එක සහ Setup Information (.inf) එහෙමත් නැත්නම් ඔටෝ රන් නෝට්පෑඩ් එක යන තුනම පිටතින් තිබියයුතුය. [autorun] open=Setup.exe Icon=xxx.ico මේකට ඔබේ මෘදුකාංග තොරතුරු ආදේශ කර File>>> Save As..>>> File name ලෙස autorun.inf නම් කර Save as type >>> All Files තෝරා සේව් කරන්න. දැන් අවසාන පියවර ලෙස සෙටප් ෆයිල් එකයි අයිකන් එකයි autorun.inf මේ ටික DAEMON Tools වලින් හරි වෙන අයිඑස්ඕ හදන මෘදුකාංගයකින් හරි ඉමේජ් ෆයිල් එකක් නැත්නම් අයිඑස්ඕ ෆයිල් එකක් බවට පත් කර DAEMON Tools වලින්ම මවුන්ට් කර බලන්නකො . එහෙම නැත්නම් සීඩී එකකට රයිට් කරලා බලන්න.

සැ.යු: මෙහි ඉමේජ් ෆයිල් එක සකසන ආකාරය හා ඉමේජ් ෆයිල් එක මවුන්ට් කරන ආකාරය ඇතුලත් කර නොමැත. එයට හේතුව ලෙස මෙම ලිපිය ඔබට කියවීමට වැඩි කාලයක් වේවි. එය ඔබට අපහසුවක් විය හැකි බැවින් මෙහි එය ඇතුලත් කර නොමැත . එය අවශ්‍ය කෙනෙක් ඇත්නම් කමෙන්ට් එකක් දමන්න.
Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )