Software 7 ( Free video cutter... )


ඔයාලගෙ තියෙන ඕනි වීඩියෝ එකක් කොටස් වලට කඩාගන්න නියම භාණ්ඩය තමයි ඉතින් මේක. වීඩියෝ එකේ ඕනි තැනකින් කඩාගන්න පුලුවන්. මහලොකු සොෆ්ට්වෙයා එකක් නෙමෙයි. තියෙන්නෙ mb 6.12 ක් විතරයි. වීඩියෝ ඩිසයින් කරන ලොකු ලොකු සොෆ්ට්වෙයා වල තියෙන එක කොටසක් තමයි මේ. ඒ වගේ ලොකු සොෆ්ට්වෙයා වලින් ඉතින් පොඩි පරිගණක වල වැඩ කරන්න අමාරුයිනෙ. අන්න ඒකයි අපි මේක ඔයාලට දෙන්නෙ. මේකෙ වැඩ කරන්න පරිගණක දැනුම යන්තමින් තිබුනම ඇති. ඕනි පරිගණකයක වැඩ.


කරන ආකාරය.


මුලින්ම ඩවුන්ලෝඩ් කරගත් සෙටප් ෆයිල් එක පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න.

ඉන්පසු ඩෙස්ක්ටොප් එකෙහි තිබෙන "Free Video Cutter" නම් වූ අයිකන් එක මත ඩබල් ක්ලික් කරන්න.

ඉන්පසු "Open video" නම් බට්න් එක මත ක්ලික් කර වීඩියෝවක් ඇතුලු කරන්න.

ඉන්පසු "Create thumb" යන්න 60 පිරෙන තුරු මදක් රැඳීසිටින්න.

ඉන්පසු වීඩියෝවේ අවශ්‍ය කොටස වෙන්කරගෙන "Save video" ක්ලික් කර සේව් වීමට ඉඩ හරින්න.


ඔන්න ඔච්චරයි , හරිම පහසුයි....

පහතින් ඩවුන්ලෝඩ් කරගන්න.


Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )