Song 6(සිත්තම් කරමින්....)

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි දකින තුරා
රැව්පිළි රැව් දී ඇසෙන ඔබේ හඩ
යළි මගේ සවනත වැසෙන තුරා
විදින්න දුන් ජීවිතය අරන් මම
විදවන්නද මේ භවය පුරා

දෙලොවක් අතරේ සරණ ඔබේ හිත
මෙතරම් සසලින් නැතුව ඇති
ඔබ මගේ මුලු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇති
විදින්න දුන් ජීවිතය අරන් මම
විදවන්නද මේ භවය පුරා

භවයෙන් භවයේ අහිමිව හිමිවන
නොපිරූ පාරමිතාව පුරා
සමුගනිමුද අපි අපේම වූ මතු
භවයක යළි හමුවෙමුයි පතා
විදින්න දුන් ජීවිතය අරන් මම
විදවන්නද මේ සසර පුරා...

මේ ගීතය කියන්නේ ඔයාල දන්න කෙනෙක් .
ඒ තමයි ප්‍රවීන ඡායාරූප ශිල්පී දයාන් විතාරණ විසින්.
මේ ගීතය ලියලා තියෙන්නේ 
අයිරාංනී මද්දුම බණ්ඩාර විසින්.
සංගීතය කරුණාරත්න විජේවර්ධන විසිනි.........

Images Results:


වීඩියෝව බලන්න.

Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )