Pyton lesson 3 (ගැලීම් පාලන ව්‍යුහයන්)

ගැලීම් පාලන ව්‍යුහයන්


ක්‍රමලේඛයක් සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන්නේ එය ලියා ඇති පිළිවෙලටය. එනම් පළමු වගන්තියෙන් ආරම්භ වී අවසන් වගන්තියෙන් ක්‍රමලේඛය අවසන් වේ. යම් කිසි අවස්ථාවක දී ඔබට මෙම ක්‍රියාත්මක වන පිළිවෙල වෙනස් කිරීමට අවශ්‍ය අවස්ථාවලදී ගැලීම් පාලන ව්‍යුහයක් භාවිතයට ගත යුතුය.


ගැලීම් පාලන ව්‍යුහ ආකාර දෙකකි.

1. if
2. while

IF

මෙම ව්‍යුහය භාවිතයට ගනු ලබන්නේ අවස්ථා දෙකක් පමණක් ඇති විට දී ය. එනම් අදාල ප්‍රකාශනයේ විය හැකේ සත්‍ය හෝ අසත්‍ය යන අවස්ථා දෙක පමණි. if ව්‍යුහයට අදාල කේත කිරීමේ දළ සටහන.


if [කොන්දේසි] :
	[ප්‍රකාශනය]
else:
	[ප්‍රකාශනය]
මීට අදාල ගැලීම් සටහන පහත පරිදි වේ.

While

කිසියම් ප්‍රකාශනයක කොටසක් ඔබට නැවත නැවත ක්‍රියා කරවීමට අවශ්‍ය නම් මෙය භාවිතා කරයි.

මෙයට අදාල කේතනයේ දළ සටහන පහත පරිදි වේ.

while [කොන්දේසි] :
	[පළමු ප්‍රකාශනය]
	[දෙවන ප්‍රකාශනය]
මෙයට ඔබට අවශ්‍ය තරමට ප්‍රකාශන ලිවිය හැකිය.

මීට අදාල ගැලීම් සටහන පහත පරිදි වේ.



Python වලදී භාවිත වන Data Type ගැන මීළග කොටසින් බලාපොරොත්තු වන්න...........

Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )