Python lesson 2 (Python Programming වලදී භාවිත කරන ප්‍රධාන නීති[Part 2])


4.ප්‍රකාශ විභේදනය

                             ක්‍රමලේඛයක ඒකකයක් ලෙස සැලකිය හැකි ප්‍රකාශ අනුක්‍රමයක් (Block) ලෙස හැදින්වේ.
මෙවැනි Block වෙන් කිරීමට පයිතන් හි දී අනුච්ජේදනය භාවිත කරයි. 
මේ සදහා පයිතන් භාෂාවේ දි අනුච්ජේදනය සදහා tab යතුර භාවිත කරයි.

5.විවරණ ක්‍රමලේඛනය පිළිබද විස්තර ක්‍රමලේඛය තුලම ලේඛන ගත කිරීම සදහ විවරණ භාවිත කරයි. ක්‍රමලේඛයක ඇති විවරණ අනෙකුත් ප්‍රකාශ සමග ක්‍රියාත්මක නොවේ. මෙලෙස ක්‍රමලේඛයට විවරණ ඇතුලු කිරීමේ ඒකායන අරමුණ එම ක්‍රමලේඛව පරිශිලනය කරන තැනැත්තාට පහසුවෙන් තේරුම් ගැනීමට අවශ්‍ය විස්තර ලබා දීමයි. පයිතන් හි විවරණ ඇතුලු කිරීමට ‍්# (හෑෂ් ) ලකුණ භාවිත කරයි. එලෙස # ලකුණ යෙදීමෙන් පසුව ලියන සියලු දෑ විවරණ බවට පත්වේ. තවද # ලකුණට අමතර ව ‍්“““ මගින් ද විවරණ හදුන්වා දිය හැකිය. Ex: #Ape Nawa Adahas.blogspot.com Ex:2 """ abcdefgh""" තවද මෙහි හෑෂ් ලකුණ භාවිතා කල විට පලමු පේලිය පමණක් විවරණ බවට පත්වේ. නමුත් දෙවැනි ක්‍රමය අනුගමනය කලහොත් එය “““ මෙලෙස ආරම්භ කර “““අවසන් කල යුතුය.
6. හදුන්වන ක්‍රමලේඛයක ඇති අවයව හදුනා ගැනීම සදහා අනුබද්ධ කල සංකේත නාම හදුන්වන වේ. හදුන්වන සැකසීමේ දී සැලකිළිමත් විය යුතු කරුණු කිහිපයක් ඇත. 1 හදුන්වන භාෂාවක අක්ෂරයකින් හෝ “_“ අනුලක්ෂණයෙන් ආරම්භ විය යුතුය. 2 ඉහතින් සදහන් කල පරිද අක්ෂරයක් හෝ _ අනුලක්ෂණයෙන් පළමු අකුර අරඹා ඉන් පසුව 0-9 දක්වා ඉලක්කම හෝ “_“ අනුලක්ෂණය භාවිත කල හැකිය. 3. හදුන්වන වලට තිබිය යුතු අක්ෂර ප්‍රමාණයේ සීමාවක් නොමැත. 4 පයිතන් භාෂාවේ එන විශේෂිත පද හදුන්වන ලෙස භාවිත කළ නොහැකිය. 5 ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන කැපිටල් අකුරු හා සිම්පල් අකුරු එකිනෙකට වෙනස් හදුන්වන ලෙස භාවිත කළ හැකිය. 7.විචල්‍ය(Variable) ක්‍රමලේඛයක් ක්‍රියාත්මක කරවන විටදී දත්ත තාවකාලිකව ප්‍රධාන මතකයේ තබා ගැනීමට විචල්‍ය භාවිතා වේ. පරිගනකයේ ප්‍රධාන මතකයේ නිශ්චිත කොටසකට ප්‍රවේශ වීමට උපයෝගී කර ගන්නා සංකේත නාමයක් ලෙස විචල්‍ය හදුන්වා දිය හැකිය.

ගැලීම් පාලන ව්‍යුහයන් ගැන ඉදිරි කොටසෙන් බලාපොරොත්තු වන්න.................


Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )