News 4 ( Sri lankan top websites )


මෙයට ටීවී , රේඩියෝ , පත්තර හෝ රජයේ ආයතන වල වෙබ් අඩවි ඇතුලත් කර නොමැත.

ලංකාවෙ ඉතින් සෑහෙන්න වෙබ් අඩවි තියෙනව. මේවයෙ ජනප්‍රියත්වයත් එකින් එකට වෙනස් වෙනව. ඒ ඒවගෙ තියෙන අන්තර්ගතය අනුව. ඕනම දෙයක් ජනප්‍රිය වෙන්නෙ ඒවයෙන් මිනිසාට තිබෙන පුයොජනය මතයි. ලංකාවෙත් සීමිත වෙබ් අඩවි ප්‍රමාණයක් තමන්ටම කියල අනන්‍යතාවයක් හදාගෙන තියෙනව. අපි අද දෙන්නෙ ලංනාවෙ ගොඩක් ජනප්‍රිය වෙබ් අඩවි ටිකක් (ඔයාලට වැදගත් වේවි.!).




1. Ikman.lk ලංකාවෙ නිර්මාණය උන වෙබ් අඩවියක් විදිහට හොඳම තැනත ඉන්නව. මේකට ලංකාවෙ ගොඩක් පිරිසක් පැමිණෙනව. මෙම වෙබ් අඩවිය හරහා අපි ලඟ තියෙන ඕනිම භාණ්ඩයක් විකිණිමට නොමිලේ ඇඩ් ලබාදෙනව.


2. Baiscopelk.com චිත්‍රපටි බලන ගොඩක් දෙනෙක් භාවිතා කරන වෙබ් අඩවියක් තමයි මේක. මෙම වෙබ් අඩවිය ජනප්‍රිය රටවල චිත්‍රපටිවලට සම්පූර්ණයෙන්ම සින්හල බසින් උපසිරසි ලබාදෙනව. ඒක කරන්නෙ සම්පූර්ණයෙන්ම නොමිලේ නිසා විශාල ජනගඟක් මොවුන් වෙත ඇදී එනව.


3. Zoom.lk මේකත් සිංහල සබ් දෙන අඩවියක් තමයි. බයිස්කෝප් එකත් එක්ක මෙයාල කරට කර තරඟයක් කරනව. මෙම දිනවල බයිස්කෝප් අඩවියේ තාක්ෂණික දෝෂයක් ඇතිවී තිබෙන නිසා ජනතාව ඉතා වේගයෙන් මොවුන් වෙත ඇදී එනව.
4. Ananmanan.lk සිංහල සින්දු දෙන වෙබ් අඩවියක් විදිහට මෙයාල හොඳ නමක් හදාගෙන තියෙනව. මෙයාලගෙ වෙබ් අඩවිය ඉතා සම්පූර්ණ එකක්. සින්දුව විතරක් නෙමෙයි ඒවට ලිරික්ස් එහෙමත් මෙයාලගෙ තියෙනව. තව ගොඩක් පහසුකම් මෙයාල අපිට ලබාදෙනව. ඒ සියල්ලම නොමිලේ.


5. Aluth.com මෙම වෙබ් අඩවිය අපිට ලබාදෙන්නෙ සියලුම අංශ වලින් එන අලුත් පුවත්. මේ සියල්ල ලබාදෙන්නෙ සිංහලෙන්.


6. Gurulk.com මේ තමයි ලංකාවෙ විශාලම අධ්‍යාපනික වෙබ් අඩවිය. මේක අධ්‍යාපනික වෙබ් අඩවි අතුරින් අංක 1 කියල කියන්න පුලුවන්. මොකද මෙයාල සරල සිංහලෙන් වීඩියෝ මාධ්‍යෙයන් සරලව අධ්‍යාපනය ලබාදෙනව.



Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )