Python lesson 1 (Python Programming වලදී භාවිත කරන ප්‍රධාන නීති)



1.එක් විධානයක් එක් පේලියකට වන සේ ලිවිය යුතුය.

නිවැරදි කේතනය පහත පරිදි වේ.

EX:
A=5
B=10
C=A+B
print(C)
***වැරදි කේතනය පහත පරිදි වේ.

A=5 B=10 C=A+B
print(C)


2.ඔබට විධාන කිහිපයක් එක් පේලියකට ලිවීමට අවශ්‍යය නම් තිත් කොමාව(;) භාවිතයෙන් එම විධාන වෙන් කල හැකිය. Ex: A=5; B=10; C=A+B print(C)
3.එක් විධානයක් පේළි කිහිපයකින් ලිවීමට ඔබට අවශ්‍යය වුනහොත් i. Explicit line joining ii. Implicit line joining යන ඒවායෙන් එකක් ඔබට භාවිතයට ගත යුතු වේ. අපි බලමු දැන් මින් පළවෙනි ආකාරය ගැන
Explicit line joining
මෙහි දී පහත පරිදි අවශ්‍යය විධානය පේළි කිහිපයකින් ලිවිය හැකිය. Ex: A=7 B=65 C=A+ \ B print(C) දැන් අප බලමු දෙවන ආකාරය ගැන. ***මෙය භාවිත කළ හැක්කේ වරහන් වලින් වට වූ වස්තු (Object) සදහා පමණි.*** Ex: A=[3,8,6,45,32, 45,987,654,3]

මෙමෙ සියලු උදාහරණ Python Shell එක තුල code කර පමණක් බලන්න. මොකද තවම පාඩම පටන් ගත්තා විතරනේ...


මෙහි ඉතිරි කොටස රැගෙන තවත් දිනකින් හමුවෙනවා ඇති. එතෙක් අප හා රැදී සිටින්න.....


Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )