Software 6 ( Microsoft security essentials.. )


ඔබ පරිගණකය හෝ අන්තර්ජාලය භාවිතා කරන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස නම් ඔබට ඉතා දැවැන්ත ඇන්ටිවයිරස් මෟදුකාංගයක් අවශ්‍ය නොවේ. එසේ කීමට හේතුව වයිරස් වල ප්‍රදානම පරමාර්ථය වනුයේ අප තුල ඇති ෆයිල් , අදහස් සොරකම් කිරීම හෝ , අපගේ පරිගනකයට හානියක් සිදු කිරීමය. වැඩිපුරම අපට පෙන් ඩ්‍රයිව් හෝ හාර්ඩ් ඩිස්ක් මගින් ලැබෙන්නේ පරිගනකයට හානියක් කරන වයිරසයන්ය. අන්තර්ජාලය මගින්ද වැඩි හරියක් මේවා ලැබෙයි. එහෙත් වයිරසයක් නිර්මාණය කර මුදල් ඉපයීමට බලාපොරොත්තු වන්නන් ඇඩ්-වෙයා නිර්මාණය කරයි. මේවායින් පරිගණකයට හානියක් සිදු නොවුවත් කරදරකාරීය. මේ සියල්ලෙන් බේරී සිටීමට ඇන්ටිවයිරස් මෟදුකාංගයක් භාවිතා කරයි. ඇන්ටිවයිරස් මෟදුකාංගයක් කියන්නෙ ඉතින් නොමිලේ දෙන එකක්නම් නෙමෙයි. මේවා නිපදවන අය ඉතින් සෑහෙන්න මහන්සියක් දරනව මේව නිර්මාණය කරන්නත් මෟදුකාංගය ක්‍රැක් කිරීමෙන් වලක්වා ගන්නත්. මේ තරම් පරිශ්‍රමයක් දරල මේක ඉතින් නිකම් දෙන්න බෑනෙ. අන්න ඒ හේතුව නිසා මොවුන් තමන්ගේ මෟදුකාංග වලට මිලක් නියම කරනව. ඒ මිලට වෙළඳපලෙන් මිලදීගෙන තමයි අපිට භාවිතා කරන්න වෙන්නෙ. මෙයාල අපිට මෟදුකාංගය මිලදී ගන්න කලින් භාවිතා කරල බලන්න ලිමිටඩ් ට්‍රයල් එකක් දෙනව.. ඔන්න ඕක ක්‍රැක් කරල තමයි කට්ටිය ගොඩක් දවස් පාවිච්චි කරන්න හදාගන්නෙ. මේ ආයකන ක්‍රැක් විරෝධියො කියලත් හඳුන්වන්න පුළුවන් , මන්ද මොවුන් මෟදුකාංගය ක්‍රැක් කරන්න බැරි වෙන්න පුලුවන් ඕනි දෙයක් කරනව. ඒක හින්ද ඇන්ටිවයිරස් මෟදුකාංග ක්‍රැක් කරන්න කලින් පොඩ්ඩක් හිතන්න. මගෙ ඉස්සෙල්ල අවාස්ට් එකක් ක්‍රැක් කරන්න ගිහින් මගෙ පරිගණකය ස්ලෝ වෙලා රැම් එකක දෝශයකුත් මතු උනා. අවවාදයයි : ඇන්ටිවයිරස් මෟදුකාංග ක්‍රැක් කරන විට පරිගණක දෟඩාංග වලට දෝශ පැමිණිය හැකියි.

හැබැයි ඉතින් ඇන්ටිවයිරස් මෟදුකාංග තියෙනකොට පරිගණකය ගොඩක් ස්ලෝ වෙනව , ඒ ඇන්ටිවයිරස් මෟදුකාංගය සඳහා ගොඩක් රැම් දාරිතාවක් ලබාගන්න නිසා. උදාහරණයක් කිවුවොත් අවාස්ට් වලනම් ස්කෑන් වෙද්දි රැම් එක 75% ක්වත් ගන්නව.
මෙම සියලුම මෟදුකාංග දිනපතා , සතිපතා , මාස්පතා යන තුන් ආකාරයට අප්ඩේට් ලබාදෙනව. ඊට අමතරව වසරකට වරක් හැම ආයතනයක්ම තමන්ගේ මෟදුකාංගයට නවාංග එක් කරමින් මේන් අප්ඩේට් එකක් ලබාදෙනව. අපි ඉතින් හැමෝම කියන වයිරස් ගාර්ඩ් නැත්ව පොඩි වෙනසක් තමයි මේ කරන්න යන්නෙ.

ඔබ භාවිතා කරන්නෙ වින්ඩෝස් නම් මේ කතාව ගොඩක් වැදගත්. මයික්‍රොසොෆ්ට් ආයතනය මගින් අපිට වයිරස් වලින් බේරෙන්න ඇන්ටිවයිරස් මෟදුකාංග 2ක් ලබාදීල තියෙනව. එකක් තමයි වින්ඩෝස් ඩිෆෙන්ඩර් කියන්නෙ , අනික තමයි මයික්‍රොසොෆ්ට් සෙකියුරිටි එසෙන්ෂල් .

වින්ඩෝස් ඩිෆෙන්ඩර්. මයික්‍රොසොෆ්ට් සෙකියුරිටි එසෙන්ෂල්.


මෙන්න මේ ඇන්ටිවයිරස් මෟදුකාංග 2ක සාමාන්‍යයෙන් පරිගණකය භාවිතා කරන ඔබට හොඳටම ප්‍රමාණවත්. අපිනම් භාවිතා කරන්නෙ මයික්‍රොසොෆ්ට් සෙකියුරිටි එසෙන්ෂල් කියන නොමිලේ සදාකාලිකව ලබාදෙන මෟදුකාංගය තමයි. මේවයෙ තියෙන විශේෂත්වයක් තමයි රැම් ධාරිතාවය ඉතා සුළු වශයෙන් ලබාගැනීම නිසා පරිගණකය ස්ලෝ නොවීම. පරිගණකයට උවමණාම දේ ඉතින් ඕකනෙ. 512mb වගෙ රැම් එකක් තියෙන අයට ඉතින් (Kaspersky,Avast,Avg,Avaira,BitDefender,MCafee...) හා තවත් මුදලට ගත යුතු මෟදුකාංග ඉන්ස්ටෝල් කලාම ඉතින් පරිගණකයෙ වැඩක් කරන්නම බැරි තරම් ස්ලෝ වෙනව. අපේ රට ඉතින් තාම දුප්පත්නෙ ඒක හින්ද තාම අපේ අය හැමෝටම 2gb-4gb වගෙ රැම් එකක් තියෙන පරිගණකයක් ගන්න එක හීනයක්. මොකද මේව ටිකක් ගනන් වෙන හින්ද. හැබැයි මේ මයික්‍රොසොෆ්ට් සෙකියුරිටි එසෙන්ෂල් කියන එකනම් ඉන්ස්ටෝල් කරන්න පුලුවන් ඔරිජිනල් වින්ඩෝස් වලට විතරයි. මේකට ඔරිජිනල්ම වෙන්න ඕනි නෑ , වින්ඩෝස් එක හරියට ක්‍රැක් කරල තිබුනනම් නියමෙට වැඩ. කිසි කරදරයක් නෑ , වැඩිය රැම් එක යන්නෙත් නෑ. පරිගණකයත් ගොඩක් ස්පීඩ් වෙනව.

මේ වින්ඩෝස් ඩිෆෙන්ඩර් කියන එකනම් වින්ඩෝස් එක ඉන්ස්ටෝල් කරද්දිම ඉන්ස්ටෝල් වෙනව. මේක උනත් අප්ඩේට් කරල ගත්තොත් ප්‍රමාණවත්. ඒත් මයික්‍රොසොෆ්ට් සෙකියුරිටි එසෙන්ෂල් එක තියෙනවනම් තමයි හොඳ. ඒකෙන් හොඳට වයිරස් අල්ලල මකල දානව. මේක ඩවුන්ලෝඩ් කරන්න අමාරු නෑ , මේක තියෙන්නෙ 13mb - 15mb අතර ප්‍රමානයක්. මේකෙ රැම් එක 50% ක් ගන්නෙ ස්කෑන් කරද්දි විතරයි. ඒකත් තමන් කැමති පරිදි වෙනස් කරගන්න ඔවුන් දීල තියෙනව. එය කරගැනීමට මෟදුකාංගය තුල "Setting ==> Scheduled scan ==> Limitted cpu usage during scan to : " යන ස්ථානයෙන් වෙනස් කරගතහැකිය. මෙය 10% දක්වා අඩු කරගත හැකිය , 100% දක්වා වැඩි කරගතහැකිය. මෙය මගින් ස්කෑන් කරන ගමන් ගේම් එකක් උවත් ප්ලේ කළ හැකිය. මෙයට ප්‍රොසෙසරයද ගන්නේ ඉතා කුඩා ප්‍රමාණයකි. එකපාරක් භාවිතා කර බලන්න වෙනස දැනේවි.


Screenshots


පහලින් 64bit ඩවුන්ලෝඩ් කරගන්න (13mb).

පහලින් 32bit ඩවුන්ලෝඩ් කරගන්න (11mb).


Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )