Help 6 (AC Power Loss Restart)

ඉස්සරවෙලා ම ඔයාලගෙන් සමාව ඉල්ලන්න ඕනි කියල මට හිතෙනවාග මොකද හුග දවසකට පස්සෙනෙ පෝස්ට් එකක් දාන්නේ.ඒ ගැන මම ඔබගෙන් සමාව අයදිනවා.. හරි දැන් ඒවා පැත්තකට දාලා බලමු මේ Pentium 4 board වල Auto On Off Settings ගැන විස්තරය..



මේකෙ ප්‍රධානතම අරමුණ තමයි පරිගණකය ඔන් කර වැඩ කරමින් සිටින විට දී විදුලිය ඇනහිටීමක දී ඉබේම නැවත ක්‍රියාකිරීමයි. මේක සමහර අයට මේක හොද වෙන්නත් පුලුවන්. තවත් අයට මේක කරදරයක් වෙන්නත් පුලුවන්. මම කියලා දෙන්නේ දැනගැනීම පිණිසයි.
01. ඉහත රූපය හොදට බලන්න. මේකේ නම් තියෙන්නේ Advanced Tab එක විතරයි. ඒකෙන් Automatic Power Up එක Disabled / Enabled කරන්න.
02. ඊට පස්සේ AC Power Loss Restart කියන එක Disabled / Enabled කරන්න.
ඉන් පසු F10 Key එක ඔබලා Ok කරන්න. එවිට computer එක නැවත ඔන් වෙයි. එතැන ඉදලා මේ පහසුකම සක්‍රීය හෝ අක්‍රීය වෙනු ඇත.

සැලකිය යුතුයි.. ඔබ ඉහත සැකසුම් Enabled කලත් එය සේව් වීමට නම් සීමෝස් බැටරිය හොද තත්ත්වයෙන් පැවතිය යුතුය. නැතහොත් සියලු සැකසුම් මුල් තත්ත්වයෙන් පවතිනු ඇත. තවද මෙම ලිපියේ අන්තර්ගතය අප හට ලබා දෙනු ලැබුවේ සුපුන් ධනංජය සහෝ විසිනි. ඔහුට අපගේ ස්තුතිය පිරිනමන අතරම ඔබ සතු දැනුමත් අපට ලබා දෙන්න‍.
Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )